බදුල්ල විදුහල්පතිනිය මානව හිමිකම් කොම්සමේ

ඌව මහඇමතිවරයා විසින් දණගස්වනු ලැබූ බව කියන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය ආර්.භවානි මහත්මිය මීට ටික වේලාවකට පෙර කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණියාය.
විමර්ශනයේ වගඋත්තරකරුවන් වන ඌව පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද පැමිණ සිටිති. පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය උදේ 9.55 වන විටත් පැමිණ නොසිටියාය.
මානව හිමිකම් කොම්සමේ විභාගය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය

Comments