අහෝ....ජාතික අධ්‍යාපන ආයතනයට යන කලක් ගුරු අත්පොත් තවම නෑ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නව විෂය නිර්දේශය ලබන වසරට කල් දමන්නැයි ගුරුවරු ඉල්ලති
පාසල් පාසල් අතර තරගය ද උත්සන්න ය. මෙවන් වාතාවරණයක දී නියමිත පරිදි අධ්‍යාපනය ලැබීමට අවකාශ සැලසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ සේ ම ඊට අනුබද්ධ ආයතනයන්හි ද පැහැර නොහැරිය යුතු වගකීම වන්නේ ය. එම වගකිSම පැහැර හැරීම යනු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය උදුරා ගැනීමකි. මෙම රාජ්‍යායතන සියල්ල නඩත්තු වන්නේ මහජනතාවගේ බදු මුදලිනි. ජනතාවගේ බදු මුදලින් aනඩත්තු වන ජාතික අධ්‍යාපන ආයතනය සිය වගකීම අකුරට ඉටු කිරීම වෙනුවට මේ කරමින් සිටින්නේ දරුවන්ගේ ඉගෙනුම් අයිතියට පයින් ගැසීමක් යෑයි පැවසීම අතිශයෝක්තියක් නොවේ .
Comments
Post a Comment