රටවල් තුනක ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවයි

ඉන්දියාව ,බංග්ලාදේශය සහ නේපාලය  යන රටවල ජනතාව ධාරානිපාත වැස්සෙන් සහ ඒ සමඟ මුහුණ දීමට සිදු වූ ගංවතුර උවදුරින් පීඩාවට පත්ව සිටිනවා.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංවතුරට හසුව මරණයට පත් ජන සංඛ්‍යාව පනස් හයක් බව  16 වාර්තා වුණා.
උතුරු බිහාරයේ දහස් ගණනක් ජනතාව ගංවතුර හේතුවෙන් අවතැන් වී සිටිනවා.
බිහාරයේ දිස්ත්‍රික්ක දොළහක් ගංවතුර උවදුරින් බැට කන අතර එහි දරුණුතම තත්වය පවතින්නේ ‘අරරියා’ (Araria) දිස්ත්‍රික්කයේයි.
මේ අතර පැය විසි හතරක කාලයක් ඇද වැටුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ බංග්ලාදේශයේ උතුරු දිස්ත්‍රික්කවල ගංවතුර තත්වය ඉතා දරුණු අතට හැරී තිබෙනවා.
ප්‍රධාන ගංගා හිටි අඩියේ පිටාර ගැලීමත් සමග උතුරු නගර සහ ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවුණා.
දස දහස් සංඛ්‍යාත ජනකායක් ගංවතුරින් කොටු වී සිටින අතර විපතට පත් ජනයාට ප්‍රමාණවත් සහනාධාර ලැබී නැහැ.
ඊයේ දිනය වනවිට පුද්ගලයන්  42 ක් බව බංග්ලාදේශ් ගංවතුරින් මරණයට පත්ව තිබුණා.
නේපාලයේත් මරණ 60 ක් පමණ වාර්තා වී තිබෙනවා.

Comments